පන්සිය පනස් ජාතක පොතෙන්
අන්ධභූත ජාතකය
ප්‍රේමසර ඈපාසිංහ
තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ දී මහණ දම් පිරීමෙහි උකටලී වූ එක්තරා භික්‍ෂුවක් අරභයා, අන්ධභූත ජාතකය දෙසා වදාළ සේක. රාග කාමයේ ප්‍රබලත්වය නුවණින් විමසා ඉන් මිදීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන මෙයින් පැහැදිලි කෙරෙයි.
ඇතැම් කාන්තාවකගේ ඇතැයි පැවැසෙන දුර්වලතාවක් ගැන මේ ජාතක කතාවෙන් කියැවෙයි. එනම්, කාන්තාවන් මවුකුස තුළ සිටියදී පටන්ම ආරක්‍ෂා කළ ද ඔවුන් ආරක්‍ෂා කිරීම අපහසුය යන්නයි.
බඹදත් රජතුමා සහ ඔහුගේ පුරෝහිත බමුණා යන දෙදෙනා එක්ව, සූදු ක්‍රීඩා කිරීමට කැමැත්තෝ ය.
දෙදෙනා මුදල්වලට සූදු සෙල්ලම් කරති. රිදී පෝරුවේ රන් පස ඇට දැමීමට පෙර තරගයෙන් ජයගැනීම සඳහා මන්ත්‍රයක් වැනි කවියක් කියා තමාගේ කැට වීසිකිරීම රජතුමාගේ සිරිතය. රජතුමා කියන කවිය මෙසේ ය.
සබ්බානදී වංකගතා - සබ්බේ කට්ඨමයා වනා,
සබ්බිත්ථියෝ කරේපාපං - ලභමානා නිවාතකෙ
එහි අදහස නම්, සෑම ගංගාවක්ම ගලන්නේ ඇදටය. සෑම කැලයක්ම කටු සහිතය, ඉඩ ලද විටෙක සෑම ගැහැනියක්ම වරදෙහි බැඳේ යන්නයි.
මෙකී ගීතය නැතහොත් කවිය කියා කැට විසිකිරීම රජුගේ සිරිතයි. රජු සැමවිට ජයගනී. පුරෝහිතයා සැමවිට පරදී. පුරෝහිත බමුණා, තමාට ජය අත්කරගන්නට උපායක් කල්පනා කළේ ය. එනම්, උපන් මොහොතෙහිදි පටන්ම පිරිමියකු නොදුටු දැරියක සරණ කර ගැනීමයි. ඒ අනුව, ගැබක් දරා සිටි දුප්පත් ස්ත්‍රියකට මුදල් දී, ඇයට උපන් බිළිඳිය ලබාගෙන, දැරිය උපන් මොහොතේ සිටම පුරුෂයන්ට දැක ගන්නට නොහැකි ලෙස, ස්ත්‍රීන් ලවාම හදා වඩවා ගෙන වැඩිවිය පැමිණිවිට ඇය විවාහ කරගත්තේ ය.
පුරෝහිත බමුණා යළිත් දාදු ක්‍රීඩාවේ යෙදෙන විට රජතුමා සුපුරුදු කවිය ගායනය කරත්ම දේවයන් වහන්ස, හැබැයි මගේ බිරිඳ නම් කෙදිනකවත් අන් පුරුෂයෙකු සේවනය කරන්නේ නැතැයි කීය. දැන් ක්‍රීඩාවෙහි පුදුම වෙනසකි. රජු දිගටම පරාජයට පත්වේ. පුරෝහිත බමුණා ජය පිට ජය ලබයි. ඇත්තටම, මේ බමුණා දිනන්නේ පතිවත රකින කාන්තා රත්නයක් ඔහු සතු නිසා බැව් රජු අවබෝධ කරගනී. මා දිනවන කවිය දැන් බොරු වී ඇත. ඒ රජුගේ සිතුවිල්ලයි.
දාදු කෙළියෙන් ජය ලබාගන්නට උපායක් යොදයි. එනම්, පුරෝහිත බමුණාගේ බිරිඳගේ පතිවත බිඳීම සඳහා සල්ලාල මිනිසකු යොදාගන්නට තීරණය කරයි.
එම මිනිසා රජුගෙන් මුදල් ලබාගෙන පුරෝහිත බමුණාගේ නිවෙස අසල රන්, රිදී, මුතු මැණික්, සුවඳ වර්ග හා මල් වර්ග විකුණන වෙළෙඳ සැලක් විවෘත කරයි. කාන්තාවන් වඩා පි‍්‍රය කරන විවිධ වර්ණයේ සළු පිළි මේ වෙළෙඳ සැලේ විකුණනු ලැබේ. රජතුමා උපාය ක්‍රියාත්මක කරන්නට කුලියට ගත් සල්ලාලයාට, බමුණාගේ ලාබාල බිරිඳ සමඟ මිත්‍රවීම, විශාල අභියෝගයකි. පුරෝහිත බමුණාගේ සත්මහල් ප්‍රාසාදය රැකවල්ලන්ගේ කාන්තාවන්ය. නව යොවුන් දැරිය දකින එකම පිරිමියා පුරෝහිතයා පමණි. මේ ප්‍රාසාදයට ඇතුළුවීම මහා අභියෝගයකි. උපායශීලී සල්ලාලයා අපූරු සැලසුමක් පිළියෙළ කරගනී. ඔහුගේ සැලසුම ක්‍රියාත්මක වීම නිසා වෙළෙඳ සැල ගැන ආරංචිය පුරෝහිතයාගේ පතිවත සුරකින බිරිඳට අසන්න ලැබෙයි. ඒ මෙසේය.
තම සේවිකාවන් ලවා මල්වර්ග ඇය වෙළෙඳ සැලෙන් ගෙන්වා ගනී. කාන්තාවන් කිහිපදෙනකු සමග මල් ගෙනයන්නට තරමක් වයසක සේවිකාව නපැමිණි විට වෙළෙඳසැල පවත්වාගෙන යන මිනිසා ඇය දැක, ඇයගේ දෙපා වැළඳගෙන මහ හයියෙන් හඬන්නට විය.
“අනේ අම්මේ ඇයි අම්මේ මාව දමලා කොහෙද ගියේ? මගේ රටක් වටින අම්මායි කියමින් වැළපෙන්නට විය. ඔහු සමඟ සිටි සහායකයෝද අම්මයි පුතයි එකවගේමයි පැවසූහ. ගමන බිමනත් දෙදෙනාගේම එකවාගෙයි ඔවුහු පැවසූහ. කාන්තාවගේ සිතෙහි පුත්‍ර සෙනෙහස උතුරාගලායන්නට විය. මේ උපක්‍රමයෙන්, වියපත් සේවිකාව සමඟ මිත්‍ර වූ සල්ලාල වෙළෙන්දා පුරෝහිත බමුණාගේ බිරිඳට වැඩිපුර මල් යවන්නට පටන්ගත්තේ ය. ඒවාට මුදල් ලබාගත්තේ ද නැත. එක් දිනක් බොරු අසනීපයක් මවාගෙන මොහු වැතිරී සිටියේ ය.
අනේ මගේ රත්තරන් පුතාට තියෙන අසනීපය, අමාරුව කුමක්දැයි මහලු සේවිකාව විමසුවා ය. “අම්මේ, පුරෝහිත බමුණාගේ ලාබාල බිරිඳ ගැන අම්මා මා සමඟ නිතර කතා කළා රූමත් යැයි කීවා. මට ඇයගේ ඇසුර, පහස ලබන්නට නොහැකි නම් මා මැරෙනවා යයි කීවේ ය.
පුත්‍ර සෙනෙහස නිසා ඇය තම දරුවාගේ ජීවිතය බේරා ගත යුතුයි. “මං කොහොම හරි උඹට ඇය හඳුන්නල දෙන්නම්” අම්මා පැවසුවා ය.මහලු සේවක කාන්තාව තමාගේ පුතුගේ බරපතළ ප්‍රශ්නය බමුණාගේ ලාබාල බිරිඳට කීවා ය. ඔහුරහසේම රැගෙන එන්නැයි ඇය උපදෙස් දුන්නාය.
ප්‍රාසාදය රැකවල් ලන කාන්තාවන් උපායෙන් මුළා කළ මහලු කත සලෙල පුරුෂයා ප්‍රාසාදයට රැගෙන යෑමට ඉඩ කඩ සලසා ගත්තා ය. මහලු කාන්තාව විසින් ප්‍රාසාදයට ගෙන යනු ලබන විශාල මල් පෙට්ටියක් තුළ සැඟවී ප්‍රාසාදයට ගොස් රහසේම තරුණිය මුණ ගැසීමට පුරුෂයා සමත් විය. ඔහු එහි සැඟ වී දින කිහිපයක් නතරවද සිටියේ ය.
මඳ දිනෙකින් ඔහු යා යුතු වේලාව මේ යැයි තරුණිය ඔහුට මතක් කර සිටියා ය. සලෙල පුරුෂයා එහිදී කියා සිටියේ බමුණාට පහරක් ගසා යන්නට තමන්ට ආශාවක් ඇති බවයි. තරුණිය මේ පුරුෂයාගේ මනදොළ සපුරාලනුවස් උපායක් යෙදුවා ය.
ඈ බමුණා ප්‍රාසාදයට පැමිණි පසු ඔහු වීනා වයන විට තමන් නටන්නට කැමැති බව කීවා ය. බමුණාද එසේ කරන්නට ඉඩ දුන් විට තමන් ඔහු දකින විට නටන්නට ලජ්ජා බව කියා බමුණාගේ අවසරය ද ඇතිව රෙදි කඩකින් දැඩිව ඔහුගේ දෑස් බැන්දා ය.
පි‍්‍රය බිරිඳගේ අදහසට ඉඩ දුන් බමුණාට ඊළඟට ඇය කියා සිටියේ තමන් නටමින් සිටින අතරතුර ඔහුගේ හිසට එක්වරක් පහරක් ගසන්නට ආශාවක් ඇති බවයි. ඇය කෙරෙහි බැඳුණාවූ පුරෝහිත බමුණා ඊට ද අවසර දුන් කල්හි, සැඟව සිටි සල්ලාල පුරුෂයා, පිටුපස්සෙන් පැමිණ බමුණාගේ හිසට දැඩිව වැලමිටෙන් ඇන්නේ ය. අනතුරුව පලා ගිය මිනිසා තමාගේ සපන්කම රජුට දන්වා සිටියේ ය.
පුරෝහිත බමුණාගේ බිරිඳගේ පතිවත බිඳුණු පසුව, රජු සුපුරුදු ගීය ගයා දාදු කෙලියේ යෙදෙමින් යළිත් ජය ලබන්නට පටන් ගත්තේ ය.
රජතුමා ජයග්‍රාහී ලීලාවෙන් පුරෝහිත බමුණා ඇමතීය. “පුරෝහිත බමුණ ඔබේ බිරිඳගේ පතිවත බිඳිල නේද?එදා ඔබ ඇස් බැඳ වීනාව වාදනය කරනවිට දී ඔබේ හිසට පහරදුන්නේ ඔබගේ බිරිඳගේ සොර සැමියා” යයි කීවේ ය. පුරෝහිත බමුණා අන්දමන්ද විය.
මෙය සත්‍යයක්ද? පුරෝහිත බමුණා මේ ගැන තම බිරිඳගෙන් විමසුවේ ය. “ඔබතුමා මා ගැන සැක පළ කරන්නේ ඇයි? මා කවදාවත් වෙනත් පිරිමියකු දැකලත් නැහැ. අතින්වත් අල්ලා නැහැ. ගිනිමැලයක් සකසන්න මා ඒ බව ඔප්පු කරන්නම් මා වෙනත් පිරිමියෙකුගේ පහස විඳ ඇත්නම් මා මේ ගිනිමැලයේ පිච්චී දැවීයාවි. මා සත්‍ය ක්‍රියා කරනවායි” පැවැසුවාය.
මේ අතර තරුණිය කදිම උපදෙසක් මහලු සේවිකාවට රහසේම දුන්නාය. මා ගිනිමැලයට පනින්න සූදානම් වන අවස්ාථාවේ නුඹේ පුතාට කියාපන් ගිනිමැලයට පනින්න පෙර මාගේ අතින් අල්ලා ගිනිමැලයෙන් පිටතට අදින්න කියලා”.
ඒ පුරුෂයා අපූරුවට ඔහුගේ කොටස රඟපෑවේ ය. මේ සියල්ල සිදුවුණේ පුරෝහිත බමුණා, ඉදිරියේ ය. “ස්වාමිණී, දැන් කරන්න දෙයක් නැහැ. මේ මිනිහා මාව අතින් ඇල්ලුව නිසා මාගේ සත්‍යක්‍රියාව බිඳ වැටුණා.
මෙතෙක් කවදාවත් පිරිමියෙකු මාගේ අත අල්ලා තිබුණේ නැහැ. ඔබතුමා පමණයි මාගේ අතින් අල්ලා තිබුණේ. එහෙත්, මා දන්නේ නැහැ මේ. මිනිසා කොහේ සිට පැමිණියා ද කියා. මේ පුද්ගලයා මගේ අතින් ඇල්ලුවා බැවින් මා මෙතෙක් රැක්ක පතිවෘතාව කැඩුණා යැයි පැවසීය. මේ කාන්තාවගේ කපටි උපාය කෙතරම් ප්‍රබලද? අද සමාජයේ වූවද මෙවැනි අසම්මත සබඳතා පවත්වන ස්ත්‍රී, පුරුෂයන් ගැන අපි අසා ඇත්තෙමු. අද සමාජයට මේ කතාව සමානාත්වයක් දක්වයි.
මෙම කතා පුවත වර්තමාන සමාජ ස්වරූපය නිරූපණය කරන කෙටි කතාවක් වැන්න. සමාජයේ මෙවැනි සිදුවීම් දක්නට ලැබේ. කාන්තාවන්ද පුරුෂයන්ද මෙවැනි ගැටලුවලට ප්‍රශ්නවලට පැටලි දුක්ඛිත තත්ත්වයන්ට පත්වේ. මෙවැනි දුර්වලතා වටහාගෙන උකටලී නොවී ඉන් මිදීමට ක්‍රියා කළ යුතු බව මෙයින් අපට පැහැදිලි වේ.
http://www.lakehouse.lk/budusarana/2011/01/12/tmp.asp?ID=fea07

No comments:
Post a Comment