Your Ad Here

Wednesday, July 18, 2012

TFGE Free News alert for all of you in Sri Lanka and Around The world for mobiles

TFGE1 Free News alert for all of you in Sri Lanka and Around The world for mobiles


Do Like this on your mobile phone,
type on a SMS
f tfge1
send to  40404
when you are typing remember  this  
f(space)tfge1 and send to 40404 

2012 ජූලි 16 ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?


හසන්ත අද නම් ඇත්තටම ඇණ ගන්නා ලදී ....   2012 ජූලි 16  ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?

එදා කතාවූයේ සෝවාන් ඵලය ගැනයි. ඒ ගැන කතා කිරීමට  එතැන සිටියෝ කවරුද ? සෝවාන් ඵලය ගැන ඒ එක් අයෙකුටවත් කතා කිරීමටවත්  අයිතියක් නොමැත. එය විහිළු වැඩසටහන් වූයේ ඒ නිසාම පමණක් නොවේ. සෝවාන් හා මාර්ගඵල පිළිබඳව වැඩසටහන මෙහෙය වූ නිවේදකයාටවත් ඒ අයිතිය නොමැත්තේ, ITN නාලිකාවේ ඉතාම පහල මට්ටමේ නිලධාරියාගේ පටන්, ඒ මහතාට කිසිදු කැමැත්තක්  නොමැති වීමයි. මා  ඔහු වෙනුවෙන් ඔවුන් සමඟ වාදවී, එම නිවේදයා වෙනුවෙන් කථාකළ අවස්ථා බොහෝමයකි. 


විහිළුව කුමක් ද ?


සමාජයේ සෝවාන් වූ හා  බුදු වූ යැයි කියන අය කියන්නේ බොරුවක් බව මේ  පෘථග්ජන සිව්දෙනා සමඟ නිවේදකයා කරලියට පැමිණීමයි. අපි දන්නා තරමට, උසාවියේ දී අන්ත හොරෙකුට හෝ ස්ත්‍රී දූශකයෙකුට උවත්, නිදහසට කරුණු විමසනු ලබන බවයි.
අර කවුදෝ නැති තැන කවුදෝ පිනුම් ගසනවාක් මෙන්, එලෙස පවසනු ලබන එක් අයෙක් හෝ වැඩසටහනට ‍රැගෙන විත්, ඔහුගේ ද අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුමයැයි. අනික, අර ගාල්ලේ බුදුවූ බව කියන පිස්සා සහ, පිටිදූවේ සිරිධම්ම හිමියන් එක හා සමාන තත්වයක
තබා කතා කිරීම 100% ක් ම නිවැරදි නොවේ. මා කියන්නේ, එලෙස ප්‍රකාශ කරන්නන් කියන්නේ බොරුවක් නම්, මුලු රටම ආදරය කළ, පිටිදූවේ සිරිධම්ම හිමියන් ද එම වැඩසටහනේ සිටිය යුතු බවයි. එසේ නොවී, කිසිදු සුදුසුකමක් නැති ගිහියන් 4 දෙනෙක් සමඟ,
අදාල කාර්යට සම්බන්ධතාවක් නොමැති අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමඟ මේ  ජනතාවගේ මුදලින් නඩත්තු වන, 
අහිංසක ජනතාවගේ මුදලින් පඩි ගන්නා ITN කාර්ය මණ්ඩලය කරන ලද මේ ප්‍රොඩාව හෙලා දැකිය යුතුමය. 
දොරමඬලාව මින් පසු වර්ජනය කරනුයේ 
අන්න, ඒ කිසිදු තුලනයක් නැති අත්තනෝමතික ක්‍රියා කලාපය නිසයි. 

About Buddhism

Today's Visitors